Monday, April 29, 2024

General line - 0115112241

ජනපති හා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු අතර තීරණාත්මක හමුවක්

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (18) පස්වරුවේ ආරම්භ වුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ආණ්ඩු පක්ෂයට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් තිදෙනා සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස නෙත් නිවුස් වෙත කියා සිටියේ. ඔවුන් තිදෙනාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නේදැයි මෙහිදී තීරණය කරනු ඇති. 

මේ අතර අද සිදු වූ පක්ෂ මාරුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද මාධ්‍ය වෙත අදහස් පළ කළා.