Monday, May 6, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර වෙඩි තැබීමක්

සමන්ත කුමාර




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා. රජයේ ගොඩනැගිල්ලකට ඇතුළු වූ තුවක්කරුවන් පිරිසක් එම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තවත් පුද්ගලයන් විසි දෙනෙකු පමණ වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් තිදෙනෙකු එරට ආරක්‍ෂක අංශ සිදුකළ ප‍්‍රතිප‍්‍රහාරවලින් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවද විදෙස් වාර්තාවල සදහන්.