Monday, May 6, 2024

General line - 0115112241

වසර 10ක් තුළ රුපියල් ටි‍්‍රලියන 05ක ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයෙන් සැලසුම්




ඉදිරි වසර 10 දී මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය රුපියල් ටි‍්‍රලියන පහක වටිනාකමෙන් යුත් ව්‍යාපෘති දියත් කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ, නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් අද (01) පැවති උත්සවයකට එක්වෙමින්. මේ වසරේදී කුඩා ව්‍යාපෘති පිළිබද වැඩි අවධානයක් යොමු කර සුළු පරිමාණ නාගරික අවශ්‍යතා ඉටු කිරීමට ප‍්‍රමුඛතාව ලබාදෙන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.