Monday, May 6, 2024

General line - 0115112241

ඉතිහාසයේ වැඩිම විදේශ ණය බර මෙම වසරේදී




මේ වසරේදී ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය මුදල ගෙවීමට සිදුව ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඉන් වැඩිම මුදල ගෙවීමට සිදුව ඇත්තේ විදේශ ණය වෙනුවෙන්. ඒ අනුව විදේශ ණය ලෙස ඩොලර් මිලියන 5600ක් මෙම වසරේදී ගෙවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළා. ඒ, නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලය අමතමින්. මේ වනවිට කර ඇති පුරෝකථනයන්ට අනුව ලෝකයේ ආර්ථිකය ද මෙම වසරේ දී මන්දගාමී වනු ඇති බවත් එය ශ‍්‍රී ලංකාවට ද බලපානු ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආචාර්ය ආර් එච් එස් සමරතුංග අද ප‍්‍රකාශ කළේ ණය කළමනාකරණයට ප‍්‍රමුඛතාව දෙමින් මූල්‍ය විනය පවත්වාගෙන යා යුතු අභියෝගාත්මක වසරක් උදා වී ඇති බවයි. රාජ්‍ය ආදායම ක‍්‍රමයෙන් වර්ධනය වුවද ඊට සමානව රාජ්‍ය වියදම ඉහළ ගොස් ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.