Monday, May 6, 2024

General line - 0115112241

2019 එන මැතිවරණ ගැන ඇමතිවරුන්ගෙන් ඉඟී

සජිත් තිලකරත්න




මෙම වසර මැතිවරණ පැවැත්වෙන වසරක් වනු ඇති බව නව වසර ආරම්භ වූ අද දිනයේ දී මහජන නියෝජිතයින් ප‍්‍රකාශ කළා. අමාත්‍ය ඒ එච් එම් හලීම් පැවසුවේ මෙම වසරේදී අනිවාරයෙන්ම කුමන හෝ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවයි. අමාත්‍ය ධුර සංඛ්‍යාව ද ඉදිරියේදී වැඩි වීමට ඉඩ ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

නව රජය හා මැතිවරණ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මෙලෙස අදහස් පළ කළා. 

කෙසේවෙතත් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිවරණ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. 

මේ අතර අනිවාරයෙන්ම මෙම වසරේ දී මැතිවරණයක් පවත්වන බව අමාත්‍ය රවී කරුණානායක අද ප‍්‍රකාශ කළා. ජනතාවට පිළිගත හැකි පක්ෂයක් සහ රජයක් ලෙස ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍යවරයා නව වසරට රාජකාරී ආරම්භ කරමින් අද ප‍්‍රකාශ කළේ.