Monday, May 6, 2024

General line - 0115112241

බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනා රැඳවුම් භාරයට




රුපියල් මිලියන 3000කට අධික මත්ද්‍රව්‍ය සමඟ ඊයේ (31) අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනා දින 07ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අද අවසර හිමි වුණා. ඒ, සැකකරුවන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 

මෙතෙක් ශ‍්‍රි ලංකාවෙන් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය වන්නේ ද මෙයයි. ඒවා සොයා ගැණුනේ දෙහිවල කවුඩාන ප‍්‍රදේශයේ පිහිටි නිවසකින්. මෙම වැටලිමේදි සොයා ගනු ලැබු මුළු හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 278ක්. කොකේන් කිලෝග‍්‍රෑම් 05 ක් ද මෙහි දී සොයා ගැණුනා.