Monday, May 6, 2024

General line - 0115112241

තවත් ගොඩනැගිල්ලක සෝපානයක් සිරවීමෙන් අනතුරක්

පසන් වික්‍රමතිලක




මරදානේ පිහිටි ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ලක සෝපානයක් සිරවීමෙන් ඊයේ (02) රාති‍්‍රයේ අනතුරක් සිදුවී තිබෙනවා.

කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය පැවසුවේ සිය නිලධාරීන් ගොස් සෝපානයේ සිරවී සිටි පුද්ගලයෙකු බේරාගත් බවයි.

ගොඩනැගිල්ලේ අලූත්වැඩියාවක් අතරවාරයේ මෙම අනතුර සිදුව ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර කොම්පඤ්ඤවීදියේ පිහිටි ගොඩනැගිල්ලක සෝපානයක් කඩා වැටීමෙන් ඉකුත් 29 වැනිදා සිදුවූ අනතුරකින් රගර් කී‍්‍රඩකයෙකු මියගියා. එම අනතුරෙන් තවත් දෙදෙනෙකුද තුවාල ලැබූ අතර පොලීසිය පැවසුවේ ඒ පිළිබද වැඩිදුර විමර්ශනයක්ද සිදු කෙරෙන බවයි.