Monday, May 6, 2024

General line - 0115112241

"නව වසරේ ආර්ථික අභියෝග ජය ගැනීමට ආනයන සීමා කිරීමට සිදු වෙනවා"

ඩිල්ෂාන් මඩවල/ පසන් වික්‍රමතිලක




උදාවූ 2019 නව වසරේදී ශී‍්‍ර ලංකාව හමුවේ ආර්ථික අභියෝග රැසක් පවතින බව විද්වතුන් පෙන්වා දෙනවා. මහාචාර්ය රොහාන් සමරජිව පැවසුවේ රුපියල අවප‍්‍රමාණයවීම ඒ අතරින් ප‍්‍රමුඛ අභියෝගයක් බවයි. 

දැනට ලබාගෙන ඇති ණය සඳහා වාරික ගෙවීමද මෙම වසරේදී ශී‍්‍ර ලංකාව හමුවේ ඇති තවත් ප‍්‍රමුඛ ආර්ථික අභියෝගයක්. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජනත් කුමාරසිංහ ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වුවා.

උදා වූ නව වසරේදී ශී‍්‍ර ලංකාව හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීමට පුරවැසියන් දායක විය යුත්තේ කෙසේදැයි ද මෙහිදී විස්තර කෙරුණා.

හදුනාගත් ආර්ථික අභියෝග ජය ගැනීමට නම් කුමක් කළයුතු දැයි මහාචාර්ය රොහාන් සමරජීව ද අදහස් දැක්වූවා. ඔහු පැවසුවේ අපනයන දිරිගැන්වීමට සහ ආනයන සීමා කිරීමටද කටයුතු කළයුතු බවයි. 

දේශපාලනික පරිණතභාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරුණා. කෙටි කාලීන පෞද්ගලික වාසි වෙනුවෙන් නොව ප‍්‍රතිපත්ති සම්පාදනයට හැකියාව සහිත පාලකයන් තෝරාපත් කර ගත යුතු බවයි වැඩිදුරටත් විස්තර කෙරුණේ.