Monday, May 6, 2024

General line - 0115112241

උතුරේ පාසල් දරුදැරියන්ට සවිය දෙන්න දකුණේ පාසල්වලට තවදුරටත් අවස්ථාව

ඩිල්ෂාන් මඩවල




ආපදා නිසා විපතට පත් උතුරේ දරු දැරියන්ට ලබාදීම සඳහා දකුණේ දරු දැරියන් මේ වනවිටත් පොත්පත් සහ සෙසු පාසල් උපකරණ රැස් කරමින් සිටිනවා. ඔවුන් මෙම මෙහෙයුම සිදුකරන්නේ නෙත් නිවුස් සහ යූ ආර් අ ලීඩර් බලකාය සමග එක්වයි. 

මහවැසි සමග ඇති වූ ආපදා නිසා උතුරේ ලක්‍ෂයකට ආසන්න පිරිසක් විපතට පත් වුණා. ජල ගැලීම් හේතුවෙන් දරු දැරියන් නව වසරට පාසල් රැගෙන යාමට සූදානම් කර ගෙන සිටි පොත්පත් ද ගසාගෙන ගියා.

ඒ නිසා නව වසරට පාසල් රැගෙන යාම සඳහා පොත්පත් සහ සෙසු පාසල් උපකරණ ලබාදෙන්නැයි උතුරේ සංචාරය කළ නෙත් නිවුස් නියෝජිතයන්ගෙන් ඔවුන් ඉල්ලීම් කළා.

උතුරේ විපතට පත් දරු දැරියන් සඳහා පොත්පත් සහ පාසල් උපකරණ ලබාදීමට නෙත් නිවුස් සහ යූ ආර් අ ලීඩර් බලකාය එක්ව මෙහෙයුමක් ආරම්භ කළේද ඒ අනුවයි. 

තමන්ද ඉතා ඕනෑකමින් මෙම මෙහෙයුමට සහාය දක්වන බවත් ඊට එක්වන්නැයි සෙසු පාසල්වලටද ආරාධනා කරන බවත් හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය පවසනවා.  එහි විදුහල්පති කසුන් ගුණරත්න මේ බව සඳහන් කළා.

රැස් කෙරෙන සියළු ආධාර විධිමත්ව සැකසීමෙන් පසු ශී‍්‍ර ලංකා යුද හමුදාව වෙත භාරදීමටයි සැලසුම් කර ඇත්තේ. එම ආධාර විපතට පත් දරු දැරියන්ට බෙදාදීම ශී‍්‍ර ලංකා යුද හමුදාව හරහා සිදු කෙරෙනවා. ඇති වූ ආපදාවලදී උතුරේ ජනතාවට පහසුකම් සැලසු ප‍්‍රමුඛ පාර්ශ්වය වූයේද ශී‍්‍ර ලංකා යුද හමුදාවයි. 

විපතට පත් උතුරේ දරු දැරියන්ට පොත්පත් සහ සෙසු පාසල් උපකරණ ලබාදෙන මෙම මෙහෙයුමට එක්වීමට ඔබටද අවස්ථාව තිබෙනවා.  011 2 50 70 80 අංකයට අමතා ඒ පිළිබද වැඩි විස්තර ලබාගත හැකියි.