Thursday, May 16, 2024

General line - 0115112241

කැස්බෑ මස් හා බිත්තර තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට




කැස්බෑ මස් කිලෝ 35ක් සහ කැස්බෑ බිත්තර 422ක් සමග සැකකරුවන් දෙදෙනෙකු වෙන්නප්පුව බංගලාවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මතයි. 52 සහ 37 හැවිරිදි යන වයස්වල පසුවන සැකකරුවන් වෙන්නප්පුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.