Tuesday, April 30, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් වෙච්ච අපකීර්තිය වසා ගැනීමට ඕස්ට්‍රේලියාව ලංකාවට එරෙහිව සැළසුම් කරයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ශී‍්‍ර ලංකාවට එරෙහි ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී සිය පිතිකරණ ශක්තිය වර්ධනය කර ගැනීමට ඕස්ටේ‍්‍රලියාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව විසි හැවිරිදි නවක කී‍්‍රඩකයෙකු වන විල් පොකෝව්ස්කි කණ්ඩායමට කැඳවා ඇති අතර ප‍්‍රබල කී‍්‍රඩකයින් දෙදෙනෙකු වන ජෝ බර්න්ස් සහ මැක් රැම්සෝව් ද යළි කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

ඊට ප‍්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ඉන්දියාවට එරෙහි තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශයයි.

4 වන ටෙස්ට් තරගයේදී ඔවුන්ට පිට පිට දෙවන වරටත් පන්දුවට පහරදීමට සිදුවූ අතර සිය මව් රටේදී  ඕස්ටේ‍්‍රලියාවට එවැනි ඉරණමක් පත්වූයේ වසර 31 කට පසුවයි.