Sunday, May 5, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

අධිකරණ වාර්තාකරු/සමන්ත කුමාර




පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නොමැති බවට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් මැයි මස 13වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (10) දින ලබා දුන්නා.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් වීරසේකර විසින්. 

කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය මේවනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දී ඇති බැවින් මෙම පෙත්සම නිශ්ප‍්‍රභ කරන ලෙසයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.