Sunday, May 5, 2024

General line - 0115112241

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ

කසුන් කැලුම්




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වනවා. ඉකුත් දා පක්ෂ නායක රැස්වීමේදි ගත් තීරණයක් අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වන බවයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පැවසුවේ. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද දිනයේ රැස්විම සම්බන්ධයෙන් විපක්ෂය ඊයේ (10) පාර්ලිමේන්තුවේදී විරෝධයක් ද එල්ල කළා. එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ කියා සිටියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීම පාර්ලිමේන්තු කටයුතුවලට පටහැනි බවයි. එම මණ්ඩලය රැස්වන්නේ නම් දින 03කට පෙර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවය දැනුම් දිය යුතු බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේ.