Thursday, May 9, 2024

General line - 0115112241

2020 දී ට‍්‍රම්ප්ට අභියෝග කිරීමට කාන්තාවක් එයි

තරංග රුක්ෂාන් ජයසේකර




2020 පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති ඩොනලඞ් ට‍්‍රම්ප්ට අභියෝග කිරීමට කාන්තාවක් ඉදිරිපත්ව සිටිනවා. ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන ක‍්‍රියාකාරිණියක් වන තුල්සි ගැබෙඞ් දැනටමත් සිය මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ආරම්භ කර අවසන්. ඇය පවසන්නේ ජනාධිපතිවරණයේ දී ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට තම පක්ෂය ප‍්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති බවයි.

ඊට අමතරව ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් තවත් ප‍්‍රබල දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු වන ජුලියන් කැස්ත්‍රෝ ද 2020 ජනාධිපතිවරණයට තරග වදිනු ඇති. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ඩිමොක‍්‍රටික් පක්ෂයේ දෙවන සහ තුන්වන ජනාධිපති ධුර අපේක්ෂකයින් වනු ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

තුල්සි ගැබෙඞ් යනු අමෙරිකානු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන පළමු හින්දු ජාතික කාන්තාවයි.