Wednesday, May 15, 2024

General line - 0115112241

තාවකාලික රජයට ට්‍රම්ප් එකඟ වෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තාවකාලිකව අකර්මණ්‍ය වී ඇති අමෙරිකානු රජයේ කටයුතු යළි ආරම්භ කිරීම කෙරෙහි සුබ ලකුණු පහළ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ, තාවකාලිකව රජයේ කටයුතු ආරම්භ කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එකගතාව පළ කිරීමත් සමගයි.

අමෙරිකානු රජයේ කටයුතු අකර්මණ්‍ය වී මේ වනවිට සති 03කට අධික කාලයක් ගත වී තිබෙනවා.

එය සැලකෙන්නේ අමෙරිකානු ඉතිහාසයේ රජයේ කටයුතු නතර වී තිබූ වැඩිම කාලය ලෙසටයි. 

මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත රජයේ සේවකයින්ට වැටුප් ගෙවා නොමැති අතර රජයේ කාර්යාල රැසක් ද වසා තිබෙනවා. අමෙරිකානු - මෙක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් ඉදි කිරීමට මුදල් වෙන් කරමින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගෙන ආ යෝජනාවකට අනුමැතිය හිමි නොවීමත් සමග මෙම අර්බුදය හට ගත්තා.