Sunday, May 5, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණය ගැන ඇමතිගේ ස්ථාවරය පැහැදිළි කරයි

මහේෂ් චතුරංග




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් සමග තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීමට කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු එකඟ වූ බව මෙවර නිලවරණයට ඉදිරිපත් වන මොහාන් ද සිල්වා පවසනවා.

කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත්ව ඇති පාර්ශ්ව සහ කී‍්‍රඩා අමාත්‍යවරයා අතර ඊයේ (19) පස්වරුවේ කි‍්‍රඩා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය පෙබරවාරි මස 07 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් එය පෙබරවාරි මස 21 වැනිදා දක්වා කල් දැමීමටයි කී‍්‍රි‍්‍රඩා අමාත්‍යවරයා පසුව තීරණය කළේ.

ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග ද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක්වුවා. එහිදී ඔහු පෙන්වා දුන්නේ ඇමතිවරයාගේ මතය වන්නේ ඡන්දය පවත්වන කාලසීමාවන් ඒ සඳහා ඉදිරිපත්වන සියලු දෙනාට සාධාරණ වන කාලසීමාවක් යටතේ නියම කිරීම බව යන්නයි.