Sunday, May 5, 2024

General line - 0115112241

ක‍්‍රික් ඉන්ෆෝ හොඳම ටෙස්ට් පිතිකරුට හිමි සම්මානයට ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකුත් නිර්දේශ වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ලොව ප‍්‍රධාන ක‍්‍රිකට් සම්මාන උළෙලක් වන ක‍්‍රික් ඉන්ෆෝ වාර්ෂික සම්මාන උළලේ හොඳම ටෙස්ට් පිතිකරුට හිමි සම්මානය සඳහා ශ‍්‍රී ලංකා පිතිකරුවන් නිර්දේශ වී තිබෙනවා.

ඒ, දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස්. දිමුත් කරුණාරත්න මෙම සම්මානයට නිර්දේශ වීමට හේතු වී ඇත්තේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී නොදැවී රැස් කළ ලකුණු 158යි.

නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී නොදැවී රැස්කළ ලකුණු 141ක වෙනුවෙන් කුසල් මෙන්ඩිස්ගේ නම සම්මානයට නිර්දේශ වී තිබෙනවා. 

ඔවුන් දෙදෙනාට අමතරව තවත් ක‍්‍රීඩකයින් 08 දෙනෙකු ද මෙම සම්මානයට නිර්දේශ වී ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 2018 වර්ෂයේ දී ක‍්‍රීඩා කළ විශිෂ්ට ඉණිම් හේතුවෙන්.

ඒ අතරට දකුණු අප‍්‍රිකාවේ ඒ. බී. ඩිවිලියර්ස්, අයර්ලන්තයේ කෙවින් ඔබ‍්‍රයන්, එංගලන්තයේ ජෝ රූට් සහ සෑම් කරන්,  ඕස්ටේ‍්‍රලියාවේ උස්මාන් කවාජා, නවසීලන්තයේ කේන් විලියම්සන් මෙන්ම ඉන්දියාවේ විරාත් කෝලි සහ චෙටිස්වර් පුජාරා ද ඇතුළත්.