Sunday, April 28, 2024

General line - 0115112241

ඇවන්ට්ගාර්ඩ් සභාපති සේනාධිපතිට එරෙහි නඩුවක් විභාගයට




ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති, විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහි නඩුවක් පෙබරවාරි 28වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. 

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මෙම නඩුව පවරා ඇත්තේ. එය මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් හමුවේ අද කැදවු අවස්ථාවේ විත්තිකරුවන්ට පෙබරවාරි මස 25වනදා තෙක් විදේශගත වීමට අවසර ලබා දුන්නා. 

අධි චොදනා 47ක් යටතේ ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපතිපතිවරයාට සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපතිවරයාට එරෙහිව මෙලෙස කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ අල්ලස් කොමිසම විසිනි.