Sunday, April 28, 2024

General line - 0115112241

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ජනපති මෛත්‍රීගේ සටන ඉදිරියටම

කසුන් කැළුම්/ පසන් වික්‍රමතිලක




නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙතෙක් ගෙනගිය සටන ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා පවසනවා. මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යනන්දන් මහා විද්‍යාලයේදී ජනපති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ප‍්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට රජය ගත් තීරණය කුමන් අන්දමකින්වත් වෙනස් නොකරන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ. 

 

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද සම්බන්ධ බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. 

 

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබා දීම සඳහා ගාස්තු රහිත කෙටි දුරකතන අංකයක් ද මෙහිදී හඳුන්වා දෙනු ලැබුවා. 19 84 අංකය අමතා  ඕනෑම අයෙකුට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකියි.