Monday, April 29, 2024

General line - 0115112241

ජනාධිපතිවරයා තෙදින නිල සංචාරයක් සදහා අද සිංගප්පුරුවට

දිනුක් හේවාවිතාරණ




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සදහා අද (23) දිනයේ සිංගප්පුරුවට පැමිණිමට නියමිත බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ජනාධිපතිවරයා අද සිට ලබන 25 දක්වා සිංගප්පුරුවේ සංචාරය කෙරුනු ඇති.

සිංගප්පුරුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය විසින් සංවිධානය කරන ලද ආසියා පැසිෆික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවේ ආරම්භක දේශනය පැවැත්විම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක් විමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරය අතර වාරයේදි සිංගප්පුරුවේ ජනාධිපති හලීමා යාකොබ් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විමට නියමිත බවත් අගමැති ලී හේසිං ලුංග් අතර හමුවක්ද සිදුවිමට නියමිත බවයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටියි.