Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ සැළසුම දේශපාලන ඉතිහාසයේ පුළුල්ම සන්ධානය ගොඩනැගීමයි

තරංග රුක්ෂාන් ජයසේකර




මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල්ම සන්ධානය ගොඩනැගීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා පවසනවා.

ඒ, ජනාධිපතිවරයා සමග ඊයේ (22) පස්වරුවේ පැවති හමුවකින් පසුවයි. මෙම හමුව පැවැත්වුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත‍්‍රික් නායකයින් පත් කිරීම වෙනුවෙන්. 

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර සඳහන් කළේ පුත්තලම දිස්ත‍්‍රික්කයට හැර සෙසු සියලූ දිස්ත‍්‍රික්කවලට නායකයින් පත් කළ බවයි. සාකච්ඡාවකින් අනතුරුව පුත්තලම දිස්ත‍්‍රික්කයට ද නව සංවිධායකවරයෙකු පත් කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.