Monday, April 29, 2024

General line - 0115112241

සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි ගැලවේ (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




වව්නියාවේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ මැදිරි 2 ක් තලාව සහ ශ්‍රාවස්තිපුර අතරදී දුම්රියෙන් ගැලවී ගොස් තිඛෙනවා.

අද (23) අලුයම 5.45 ට වව්නියාවෙන් ගමන් ආරම්භ කළ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

කෙසේවෙතත් මෙහිදී කිසිඳු මගියෙකුට තුවාල සිදුවී නොමැති අතර ගැලවී ගිය මැදිරි දෙක නැවත සවි කිරීමෙන් පසු දුම්රිය මේ වනවිට කොළඹ බලා එමින් සිටින බවද පාලක මැදිරිය ප්‍රකාශ කළා.