Saturday, May 4, 2024

General line - 0115112241

අධික ශිතල හේතුවෙන් නයගරා දිය ඇල්ල අයිස් තට්ටුවක් වෙයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




උතුරු ඇමරිකාවට සහ කැනඩාවට බලපා තිබෙන අධික ශිත දේශගුණය හේතුවෙන් නයගරා දිය ඇල්ල අයිස් තට්ටුවක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කැනඩාව සහ අමෙරිකාවේ දේශසීමාවේ පිහිටා තිබෙන නයගරා දිය ඇල්ල සෑම සිත සෘතුවකදී මෙලෙස සම්පුර්ණයෙන්ම අයිස් තට්ටුවක් බවට පත්වීම සුලභ දසුනක් වනවා.

මිට පෙර 1885, 1902, 1906, 1911, 1932, 1936, 2014 සහ 2017යන වර්ෂවලදී නයගරා දිය ඇල්ල සම්පුර්ණයෙන්ම ඝණ අයිස් තට්ටුවක් බවට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වුවත් නයගරා ඇල්ල අයිස් තට්ටුවක් බවට පරිවර්තනය වීමේ දර්ශනය දැක බලා ගැනීම සඳහා සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දැනට  උතුරු ඇමරිකාවට සහ කැනඩාවට බලපා තිබෙන අධික ශිත සහිත දේශගුණය ඉදිරි සති දෙකක කාලය තුලද පවතිනු ඇති බවයි කාලගුණ අංශ නිවේදනය කරන්නේ.