Wednesday, May 1, 2024

General line - 0115112241

රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේ පැවැති 'යු ආර් අ ලීඩර්' වැඩසටහන අදින් අවසන් වෙයි (UPDATE)

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




නෙත් නිවුස් හා ලංකා බැංකුව එක්ව රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේදී, සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන අදින් (28) නිමාවට පත් වනවා.

ඒ, ඊට එක් වූ අංකුර නායකයින්ගේ විසිර යාමේ උත්සවයත් සමගයි. මෙම කදවුරට එක් වූ සිසුන් පැවසුවේ මෙහිදී ලබාගත් අත්දැකීම් තම ජීවිතය සාර්ථක කර ගැනිමට ඉතා වැදගත් වූ බවයි.

රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේදී මෙලෙස සංවිධාන වූයේ යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 36 වන අදියරයි.
 

---------------------------

යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණුව ලැබූ අංකුර නායකයින් හෙට විසිර යයි  (UPDATE)

(27-01-2019 21:07)

 

නෙත් නිවුස් හා ලංකා බැංකුව එක්ව රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේදී, සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 36 වන අදියරට එක්වූ අංකුර නායකයින් හෙට විසිර යනවා. එහි දෙදින නේවාසික කදවුර අද අවසන් වූ අතර ඊට එක්වූ දරු දැරියන් තමන් ලැබූ අත්දැකීම් මෙලෙස විස්තර කළා.

මේ අතර යු ආර් අ ලීඩර් පුහුණු කඳවුරට එක්වූ සිසුන් රදාවාන මන්දාවල වාසල නේචර් රිසෝට් පරිශ‍්‍රයේදී අද වික‍්‍රමාන්විත කි‍්‍රයාකාරකම් කිහිපයකට ද සහභාගී වුණා. මේ, ඒ පිළිබඳ වාසල නේචර් රිසෝට් ආයතනය පළ කළ අදහස්.

 

 

 

...............................................................

නෙත් එෆ් එම් "යු ආර් අ ලීඩර්" වැඩසටහන සාර්ථකව අවසන් කෙරේ (UPDATE)

(27-01-2019 18:35)

නෙත් නිවුස් හා ලංකා බැංකුව එක්ව රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේදී, සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 36 වන අදියරේ දෙදින නේවාසික කදවුර අද අවසන් වුණා. 
මේ, ඊට එක්වූ සිසුන් තමන් ලැබූ අත්දැකීම් පිළිබඳ දැක්වූ අදහස්.

යු ආර් අ ලීඩර් පුහුණු කඳවුරට එක්වූ සිසුන් අද වික‍්‍රමාන්විත කි‍්‍රයාකාරකම් කිහිපයකට ද සහභාගී වුණා. ඒ, රදාවාන මන්දාවල වාසල නේචර් රිසෝට් පරිශ‍්‍රයේදීයි. දින 03ක් පුරා යු ආර් අ ලීඩර් වැඩසටහනේදී ලද අත්දැකීම් සහ දැනුම මෙම කි‍්‍රයාකාරකම සාර්ථක කර ගැනීමට ඉවහල් වූ බවයි ඊට එක්වූ දරු දැරියන් පැවසුවේ.
 

 

........................................................................................

දරුවන්ගේ අවදි වූ හැකියාවන් ගැන දෙමව්පියන් කතා කරයි (UPDATE)

(27-01-2019 07:03)

නෙත් නිවුස් හා ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 36 වැන්නේ දෙදින නේවාසික කඳවුරේ අද (27) දෙවන දිනයයි. මෙවර එම වැඩසටහන පැවැත්වෙන්නේ රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේදීයි.

ඊයේ (26) දිනය නිමා වූයේ මෙම කඳවුරට එක්ව සිටින අංකුර නායකයින්ට නැවුම් අත්දැකීමක් එක් කර දෙමින් පැවැති විචිත‍්‍රවත් ගිනිමැළ සංදර්ශනයකින්. 

සිය දරුදැරියන්ගේ දක්ෂතා පිළිබඳ මවුපියන් ද අදහස් දැක්වුවා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ සිය දරුවන් තුළ මෙතෙක් සැඟව තිබූ දක්ෂතා මෙම වැඩසටහන හරහා හඳුනා ගන්නට අවස්ථාවක් උදා වූ බවයි. 

ලංකා බැංකුවේ නියෝජ්‍ය මහකළමනාකරු මූල්‍ය සැලසුම් විපුල ජයබාහු ද මෙම වැඩසටහන සම්බන්ධයෙන්  අදහස් පළ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ රටේ ආර්ථික සංවර්ධනය මෙන්ම මානව සංවර්ධනයද ඉතා වැදගත් බවයි. එය සාර්ථක කර ගැනීමට මෙම වැඩසටහන වඩාත් ප්‍රායෝගික බවයි වැඩි දුරටත් සඳහන් කළේ.

රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේ පැවැත්වෙන මෙම කඳවුරට එක්ව සිටින සිසුන් අද දිනයේ ද විවිධ කි‍්‍රයාකාරකම්වල නිරත වීමට නියමිතයි.     
 

 

--------------------------------

නෙත් එෆ් එම් 'යු ආර් අ ලීඩර්' වැඩමුළුවේදී මාපියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්  (UPDATE)

(26-01-2019 19:21)

 

නෙත් නිවුස් හා ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 36 වැන්නේ දෙදින නේවාසික කදවුර රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේදී මේ වනවිට කි‍්‍රයාත්මකයි. අද (26) දිනයේ එම කඳවුරට එක්ව සිටින සිසුන් විවිධ කි‍්‍රයාකාරකම්වල නිරත වුණා. මේ තමන් ලද අත්දැකීම් පිළිබඳ විස්තර කරන සිසුන් කිහිපදෙනෙක්.

මෙම වැඩසටහනට සමගාමීව මාපිය වන්දනා සංගීත චිකිත්සාවක් සහ මව්පියන් වෙනුවෙන් විශේෂ දේශණයක්ද අද පැවැත්වුණා. 
 

................................................................

නෙත් එෆ් එම් 'යු ආර් අ ලීඩර්' රදාවාන මහගමසේකර මහ විද්‍යාලයේදී ආරම්භ වේ (UPDATE)

(25-01-2019 19:04)

ලංකා බැංකුව හා නෙත් නිවුස් එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 36 වැන්න රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේ දී අද (25) ආරම්භ කෙරුණා. ඒ යටතේ පාසලේ  සිසුන්ට මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන් විශේෂ දේශනයක් ද පැවැත්වුණා. ඊට එක් වූ ගුරුභවතුන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

තෝරාගත් සිසුන් කණ්ඩායමක් වෙනුවෙන් සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීමේ විශේෂ දේශණයක්ද අද පැවැත්වුණා. කොන්දේසි විරහිත ආදරය රස වින්දනාත්මක වැඩසටහන අද රාතී‍්‍රයේ පැවැත්වීමට නියමිතයි.
.......................................................................

දැයේ දරුවන්ට නෙත් වෙතින් පිදෙන තෑග්ග 'යු ආර් අ ලීඩර්' රදාවානට

(25-01-2019 07:14)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 36 වැන්න රදාවාන මහගමසේකර මහ විද්‍යාලයේ දී අද ආරම්භ වනවා. 

මේ, එම වැඩසටහන පිළිබඳ අදහස් දක්වන ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමනාකරු විකුණුම් හා හැසිරවීම් සී අමරසිංහ,

 

යූ ආර් අ ලීඩර් නායකත්ව සහ පෞර්ෂ සංවර්ධන  වැඩසටහන ආරම්භ කරමින් අද දිනයේ පාසලේ ඉහළ ශ්‍රේණිවල සිසුන් සහ ගුරුභවතුන් වෙනුවෙන් විශේෂ දේශන පැවැත්වෙනවා.