Saturday, May 4, 2024

General line - 0115112241

සුපිරි එංගලන්තය අසරණ කිරීමට කොදෙව්වන් සමත් වේ




සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව සිටිනවා. 

කොදෙව් කණ්ඩායම පළමු ඉණිම සදහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 289ක්. එංගලන්ත කණ්ඩායමේ පළමු ඉණිම ලකුණු 77කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. 

දෙවන දිනය නිමා වනවිට කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉණිම සදහා කඩුලූ 06ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 127කි..

ඒ අනුව කොදෙව් කණ්ඩායම මේ වනවිට කඩුලූ 04ක් අතැතිව ලකුණු 339ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ බාබඩෝස්හිදීයි.