Sunday, May 5, 2024

General line - 0115112241

සුරංග ලක්මාල් වසර 30 ක් පැරණි වාර්තාවක් ඕස්ට්‍රේලියාවේදී බිඳ හෙළයි

දිනුක් හේවාවිතාරණ




බි‍්‍රස්බේන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියාවේ පළමු ඉණිම ලකුණු 323 කට සිමා කිරීමට සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් මිට සුළු මොහොතකට පෙර සමත් වුනා. එහිදී සුරංග ලක්මාල් ඕස්ට්‍රේලියා පිතිකරුවන් 5ක් දවා ගනු ලැබුවේ ලකුණු 75ක් ලබා දෙමින්.

ඊයේ (24) දිනයේදී තරගය නතර කරන විට ඕස්ට්‍රේලියාව සිය පළමු ඉණිම සඳහා කඩුලු 02ක් දැවී ලකුණු 72ක් ලබා සිටියා. ඒ ශ්‍රී ලංකාව සිය පළමු ඉණිමට රැස් කර ලකුණු 144ට පිළිතුරු වශයෙන්.

අද (25) තරගය ආරම්භ කිරිමත් සමග ඕස්ට්‍රේලියා ඉණිමේ කඩුලු දෙකක් දවා ගනිමින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට හිසරදයක් වුයේ ඕස්ට්‍රේලියාවේ 05 වන කඩුල්ල වෙනුවෙන් මෝර්නස් ලබුස්කැග්නි සහ ට‍්‍රැවිස් හෙඞ් එක්ව ලකුණු 166ක සම්බන්ධතාවයයි.

ඕස්ට්‍රේලියාවේ පිතිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් ගෙන් සාර්ථක පන්දු යැවීමක නිරතවූ සුරංග ලක්මාල් ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් මිට පෙර වාර්තා කර තිබු හොඳම පන්දු යැවීමේ වාර්තාව තමන් සතු කර ගනු ලැබුවා. ඒ මිට වසර 30 කට පෙර ග්‍රැහැම් ලබ්රෝයි විසින් බි‍්‍රස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කල ලකුණු 133 කට කඩුලු 5ක් දවා ගැනීමේ වාර්තාව තමන් සතු කර ගනිමින්.

තරගයේ දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකාව සිය දෙවන ඉණිම සඳහා එක කඩුල්ලක් දැවී ලකුණු 17ක් රැස් කර ගෙන සිටියා. තරගයේ ඉණිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාව තවත් ලකුණු 162ක් රැස් කර ගත යුතු වනවා.