Saturday, May 4, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාව ඉදිරියේ ශ්‍රී ලංකාව ඉනිමක පරාජයට අත වනයි.




ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 4 ක් දැවී ලකුණු 66 ක් රැස්කර ගෙන අසීරු තත්ත්වයක පසුවුණා.

ඊයේ දිනය (25) නිමා වනවිට ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව දැක්වුණේ එක් කඩුල්ලකට ලකුණු 17 ක් ලෙසයි. 

ඊයේ දිනයේ දැවී ගිය පිතිකරුවා වූයේ දිමුත් කරුණාරත්නයි. ඔහු දැවී ගියේ ලකුණු තුනකටයි. අද දිනයේ පළමු කඩුල්ල ලෙස නායක දිනේෂ් චන්දිමාල් ලකුණු ලබාගැනීමට පෙර දැවී ගියා. කුසල් මෙන්ඩිස් රැස් කළේ එක් ලකුණක් පමණයි. රොෂේන් සිල්වා ලකුණු 3 කට දැවී ගියා.  

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 323 ක් රැුස් කළ අතර ශී‍්‍ර ලංකා පිළ පළමු ඉනිමේදී රැුස් කළේ ලකුණු 144 ක් පමණයි.