Saturday, May 4, 2024

General line - 0115112241

කැනඩාව සහ චීනය අතර අර්බුධයක් නිර්මාණය වෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




චීනයේ, කැනේඩියානු තානාපති ජෝන් මැකලම් එම ධූරයෙන් පහ කිරීමට කැනේඩියානු අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පියවර ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට තානාපතිවරයා හට දැන්වූ අග‍්‍රාමාත්‍ය ටෲඩෝ, පසුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද පිළිගෙන ඇති බවයි.

එහෙත්, තානාපතිවරයා ඉවත් කිරීමට හේතුව කුමක්ද යන්න අග‍්‍රාමාත්‍යවරයා විසින් මෙතෙක් පවසා නැහැ. චීනයට අයත්, ප‍්‍රසිද්ධ දුරකතන සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියක් කැනඩාව මගින් රඳවා තබා ගැනීමත් සමග දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් හට ගත්තා. ඒ සම්බන්ධයෙන් ජෝන් මැකලම් ඉකුත් දා ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කර ඇති අතර ඔහුව ධූරයෙන් පහ කෙරුණේ ඉන් පසුදා බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

අමෙරිකාවේ උවමනාව මත චීනයට අයත්, ප‍්‍රසිද්ධ දුරකතන සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියක් රඳවා තබා ගැනීමෙන් පසු කැනඩාව සහ චීනය අතර මේවනවිට රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුධයක් ද නිර්මාණය වී තිබෙනවා.

එහි ප‍්‍රතිපලයක් ලෙස චීනය, සිය රට සිටි කැනේඩියානුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් අතර තවත් පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කළා. මේ අතර හිටපු රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු චීනයේදී අතුරුදන්වීම සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියාව ද මේවනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.