Saturday, May 4, 2024

General line - 0115112241

බ‍්‍රසීලයේ වේල්ලක් කඩා යාමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ‍්‍රසීලයේ යපස් පතලක් ආසන්නයේ පිහිටි වේල්ලක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරෙන් අතුරුදන්වූ 300ක පමණ පිරිසක් සොයා එරට සහන සේවා කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාවද 34ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

සුනාමියක් සේ කඩා වැදුනු මඩ තට්ටුවකින් මෙම වේල්ල විනාශ වූ අතර මඩ තට්ටුවලට යටවී ඇති නිවාස සහ මෝටර් රථ තුළ සිටින පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම්ද මේවනවිට කි‍්‍රයාත්මකයි. අනතුරෙන් විපතට පත්වූවන් බොහෝ දෙනෙක් දිවා ආහාරය ගනිමින් සිටි පතල් කම්කරුවන්.