Saturday, May 4, 2024

General line - 0115112241

පිලිපීනයේ දේවස්ථානයකට ප‍්‍රහාරයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පිලිපීනයේ ජෝලෝ දුපතේ පිහිටි රෝමානු කතෝලික දේවස්ථානයක් ඉලක්ක කර එල්ල වුණු බෝම්බ ප‍්‍රහාර ද්විත්වයකින් පුද්ගලයින් 27දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ප‍්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ අද (27) උදෑසන පැවැති ඉරුදින දේවමෙහෙය සඳහා රැස්ව සිටි පිරිසයි.

පළමු බෝම්බය දේවස්ථානය තුලදී පුපුරා ගොස් ඇති අතර දෙවන බෝම්බය පුපුරා ගොස් තිබුණේ රථගාල තුළයි. පිපිරීම් වලින් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති බව ද සඳහන්. ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි සැල පළ කෙරෙන්නේ. එහෙත් ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ශවයක් විසින් භාර ගෙන නැහැ.