Wednesday, May 1, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවලේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන්ට අද සම්මාන




මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවලේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් වෙනුවෙන් ජනාධිපතිවරයා අතින් අද (28) සම්මාන ප‍්‍රදානය කෙරෙනවා. ඒ අනුව 2015 ජනවාරි 14 වැනිදා සිට 2019 ජනවාරි 14 වැනිදා දක්වා කාලපරිච්ජේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීම සඳහා සකී‍්‍රය ලෙස දායක වූ නිලධාරීන් මෙහිදී ඇගයීමට ලක් කරනු ඇති.

එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණු සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සකී‍්‍රයව දායක වූ නිලධාරීන්ටද මෙහිදී සම්මාන ප‍්‍රදානය කිරීමට නියමිතයි. ඒ අනුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 1,034 දෙනෙකු වෙත ජනාධිපතිවරයා අතින් මෙහිදී සම්මාන පිරිනමනු ඇති.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ඉකුත් 21 වැනිදා සිට කි‍්‍රයාත්මක වූ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් (28) අවසන් වනවා. 2014 වසරට සාපේක්‍ෂව 2020 වනවිට ශී‍්‍ර ලංකාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප‍්‍රවාහනය සහ අළෙවිය සියයට 80 කින් පමණ අඩු කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවා තිබෙනවා.