Monday, May 6, 2024

General line - 0115112241

ක්‍රිකට් ආයතනයේ මුල්‍ය ගනුදෙනු වාර්තාව සති 02 න් දෙන්න : ක්‍රීඩා ඇමති නියෝග කරයි

සමන්ත කුමාර / කසුන් කැලූම්




2016 වසරේ සිට 2018 වසර තෙක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නියෝග කර තිබෙනවා. එම විගණනයේ වාර්තාව සති 02ක් ඇතුළත තමන් වෙත භාරදෙන ලෙසයි ක‍්‍රීඩා අමාත්‍යවරයා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නියෝග කර ඇත්තේ.
 
මේ අතර ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවති පළමු ටෙස්ටේ ක‍්‍රිකට් තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක‍්‍රීඩක ලහිරු කුමාර වෙනුවට නවක ක‍්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබෙනවා. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර වේග පන්දු යවන ක‍්‍රීඩක දුෂ්මන්ත චමීර ද ආබාධයට ලක්වුණා. ඒ අනුව ඔවුන් දෙදෙනාම හෙට (29) යළි ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ඒමට නියමිත බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ.