Sunday, April 28, 2024

General line - 0115112241

කෂෝගිගේ ඝාතනය ගැන පරීක්ෂණවලට ජගත් සංවිධාන විමර්ශන කණ්ඩායමක් තුර්කියට

හර්ෂිකා සංජීවනී




මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන කණ්ඩායමක් අද (28) තුර්කියට පැමිණ තිබෙනවා. එම විමර්ශන කණ්ඩායම කශෝගි ඝාතනයට ලක් වූ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට පිවිසීමට ද අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ සඳහා ඔවුන් සෞදි අරාබියේ අනුමැතිය ද ඉල්ලා තිබෙනවා. 

වොෂිංටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙක් වන මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉකුත් වසරේ තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වුණා.