Sunday, April 28, 2024

General line - 0115112241

නිවෙස් තුලට වී සිටින්න: අමෙරිකාවේ ප්‍රාන්න රැසක ජනතාවට අනතුරු ඇඟවීමක් (VIDEOS/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




අමෙරිකාවේ මධ්‍යම සහ බටහිර ප්‍රාන්තයන් හි ජිවත්වන ජනතාවට හැකි තරම් නිවෙස් තුලට වී කාලය ගත කරන ලෙස එරට කාලගුණ අංශ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ආක්ටික් කලාපය හරහා හමා ආ දරුණු සිතල සහිත සුළං ප්‍රවාහයක් හේතුවෙන් ඇතිවූ බලපෑම් හේතුවෙන් එරට උෂ්ණත්වය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන්. එකවර ඇතිවූ දරුණු ශිත කාලගුණය නිසා පුද්ගලයින් 07 දෙනෙක් මියගොස් ඇත.

ඇතිවී තිබෙන දරුණු සිතල හේතුවෙන් චිකාගෝ ඇතුළු ප්‍රාන්ත රැසක ජන ජිවිතයන්ට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තයන් හි උෂ්ණත්වය සෘණ සෙල්සියන් අංශක 30ක් දක්වා පහත වැටී ඇති බවයි කාලගුණ අංශ නිවේදනය කරන්නේ. ඇතිවී තිබෙන සිතල හේතුවෙන් අමෙරිකාවේ මිලියන 250ක ජනතාවට බලපෑම් එල්ල වී ඇත.

ඇතැම් ප්‍රාන්තයන් හි පාසල්, පොද්ගලික ආයතන, වෙළදසැල් පවා වසා දමා ඇති අතර දුම්රිය සේවාවන් පවත්වා ගෙන යාම සඳහා රේල් පිලි මත අයිස් මිදීම අවම කිරීම සඳහා ඉන්ධන යොදා ගනිමින් ගිනි දල්වා ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව චිකාගෝ ප්‍රාන්තයේ ඇතුළු ප්‍රාන්ත කිහිපයක ගුවන් ගමන් වාර 2000ක් පමණ අවලංගු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඇතිවී තිබෙන අධික සිතල හේතුවෙන් චිකාගෝ ගංගාව ඇතුළු විශාල ගංගා රැසක් අයිස් තට්ටුවලින් මිදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.