Sunday, April 28, 2024

General line - 0115112241

බැංකොක් නුවර විෂ දුමාරයක්




විෂ දුමාරයන් හේතුවෙන් තායිලන්තයේ බැංකොක් නුවර පාසල් 400කට වැඩි ගණනක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

දරු දැරියන් රෝගී වීම වළක්වාලීමට ආරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

බැංකොක් නුවර වායු ගෝලයේ දූෂක සංඝටක ඉතිහාසයේ එහි වාර්තා වූ වැඩිම ප්‍රමාණය දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. වාහන තදබදය, අවිධිමත් ඉදිකිරීම්, වගා පිළිස්සීම සහ කර්මාන්තශාලා මෙම වායු දූෂණයට ප්‍රධාන හේතුන් ලෙස හඳුනාගෙන තිබෙනවා.