Monday, May 6, 2024

General line - 0115112241

හෙට තරඟයට සුරංග ලක්මාල්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වෙයි

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානතම වේග පන්දුතුරුම්පුව වන සුරංග ලක්මාල්ද ආබාධයකට ලක්ව ඇති බව අද (31) වාර්තා වුණා.

ඒ හේතුවෙන් හෙට (01) ආරම්භ වන ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා. 

 ඕස්ටේ‍්‍රලියා සංචාරයට එක්ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩකයන් දෙදෙනෙක් වන නුවන් ප‍්‍රදීප් සහ ලහිරු කුමාරද  ආබාධ හේතුවෙන් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණියා.

ඒ වෙනුවට නවක ක‍්‍රීඩක චාමික කරුණාරත්නව ශ‍්‍රී ලංකා සංචිතයට නම් කල අතර ඔහු ඊයේ රාත‍්‍රියේ  ඕස්ටේ‍්‍රලියාවට පැමිණි බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සුරංග ලක්මාල් හැරුනුවිට මේ වනවිට ශ‍්‍රී ලංකා සංචිතයේ වේග පන්දු යවන්නන් ලෙස සිටින්නේ කසුන් රාජිත, විශ්ව ප‍්‍රනාන්දු සහ චාමික කරුණාරත්නයි. යම් හෙයකින් සුරංග ලක්මාල් හෙට තරගයට සහභාගී නොවුනහොත් චාමික කරුණාරත්නට ටෙස්ට් වරම් හිමිවනු ඇති.