Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දියාවේ විරැකියාව ඉහළට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ විරැකියාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට ඉන්දියාව තුළ පවතින විරැකියාව ප‍්‍රතිශතයක් ලෙස 6.1%.

එරට වාර්තාවලට අනුව 70 දශකයෙන් පසු ඉන්දියාව තුළ විරැකියාව මෙතරම් අගයකින් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

ග‍්‍රාමීය ප‍්‍රදේශවල විරැුකියා තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. ග‍්‍රාමිය ප‍්‍රදේශවල විරැුකියාවට මුහුණ දෙන බහුතරයක් වයස අවුරුදු 15 ත් 29ත් අතර පසුවන්නන් බවද එම වාර්තාවල සඳහන්. 

මෙම තත්ත්වය ඉන්දීය රජයේ සංවර්ධන කි‍්‍රයාවලිය සඳහා ඍජු බලපෑමක් එල්ල කරමින් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.