Saturday, May 4, 2024

General line - 0115112241

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවන්නැයි ජනිපෙ ඉල්ලයි




රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කළ පී එස් එම් චාල්ස් යළි එම ධූරයට පත් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසනවා.

ආදායම් බදු අඩුවීම සහ මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීම යන කරුණු මත ඇය එම තනතුරෙන් ඉවත් කළ බවට සිදු කෙරෙන ප‍්‍රකාශ පිළිගත නොහැකි කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මේ බව කියා සිටියා.