Saturday, May 4, 2024

General line - 0115112241

ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් පිරිසක් යළි දිවයිනට

සමන්ත කුමාර




ඉන්දියාවේ තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටි ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් 83 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් කාර්යාලයේ මගපෙන්වීම යටතේයි. 

යුද සමයේ රට හැරගිය සියළුම පුරවැසියන්ට නැවත සිය රට වෙත පැමිණෙන ලෙස රජය විසින් විවෘත ආරාධනයක් කර තිබුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි ස්වේච්ඡුාවෙන් මෙම ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් පිිරිස දිවයිනට පැමිණ ඇත්තේ. 2009 වසරේ සිට මේ දක්වා තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටින ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් 11,020 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.