Sunday, May 5, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂත්වයට ජනපති මෛත්‍රීගේ නම යෝජනා කෙරේ




ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නම් කරමින් අනුරාධපුර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ දිස්ති‍්‍රක් සමුළුවට ඉදිරිපත් වූ යෝජනාවකට අද අනුමැතිය හිමි වුණා. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක විසින්.

මෙම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද විසින්. අනුරාධපුරයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක වැඩසටහනේදී කළ මෙම යෝජනාව අනුරාධපුර දිස්ති‍්‍රක් බලමණ්ඩලයේ නියෝජිතයින් සහ දිස්ති‍්‍රක් සංවිධායකයින් සියළු දෙනා අනුමත කළා. මේ, එම දිස්ති‍්‍රක් සමුළුව ඇමතූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකරද මෙම සමුළුව ඇමතුවා.