Saturday, May 4, 2024

General line - 0115112241

සාකච්ජා අසාර්ථකයි : රේගුවේ වෘත්තීය ක්‍රියා මාර්ගයන් ඉදිරියටම

සජිත් තිලකරත්න / මහේෂ් චතුරංග




අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත රේගු වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර පැවති සාකච්ජා අසාර්ථක වී තිබෙනවා. මේ හේතුවෙන් සිය වෘත්තීය කි‍්‍රයාමාර්ගය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ පැවසුවේ.  

රේගු වෘත්තීය සමිති මෙලෙස අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයේ නිරත වන්නේ ශී‍්‍ර ලංකා රේගුවේ අධ්‍යක්‍ෂ ජනරාල් පී එස් එන් චාල්ස් ඉන් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ‍්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප‍්‍රනාන්දු පත් කිරීමට එරෙහිවයි. මෙම වර්ජනය පිළිබද රේගු වෘත්තීය සමිති නියෝජිතයින් කොළඹදී අද (010 මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් පළ කළා. මේ, රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා.

රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය පිළිබදව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකදීද අදහස් පළ වුණා. මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඞී වී චානක.