Sunday, April 28, 2024

General line - 0115112241

ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට ජල ගැලීම්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඔස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ රැසක ජල ගැලීම් ඇතිවී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ජල ගැලීම් වලට හසුව නිවෙස් වල සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් යොදවා ඇති බවයි.

ක්වීන්ස්ලන්ඞ් ප‍්‍රාන්තයේ පිහිටි නිවාස 20,000ක් පමණ මෙලෙස ජලයෙන් යටවී ඇති අතර මෝටර් රථ රැසක්ද ජල පහරට හසුව ගසා ගෙන ගොස් ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන්.

නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ක්වීන්ස්ලන්ඞ් ප‍්‍රාන්තයේ පිහිටි වේල්ලක් ද අවදානම් තත්ත්වයට පත්ව ඇති බැවින් ඒ ආසන්නයේ පිහිටි නිවාස වල ආරක්ෂාව සඳහා වැලි කොට්ට යෙදීමට ද හමුදාව පියවර ගෙන තිබෙනවා.