Monday, May 6, 2024

General line - 0115112241

වසර 100ක් පැරැණි පාසලකට මුල්ම වතාවට පුස්තකාලයක් - නෙත් වෙතින් තවත් මෙහෙවරක්

ඩිල්ෂාන් මඩවල/ දිල්ශාන් තුෂාර




උඩුදුම්බර කිවුල්ගම ප‍්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කෙරුණු නව පුස්තකාලය අද (03) විවෘත කෙරෙනවා.

ඒ පිළිබඳ අදහස් දක්වන එම විද්‍යාලයේ විදුහල්පති අයි. බඞ්ලිව්. ඞී. බණ්ඩාර සඳහන් කළේ "පාසලේ දරුවන්ට වගේම දෙමව්පියන්ගේ ගමේ ජනතාවගේ කියවීම වැඩි දියුණු කරන්න පුළුවන් පුස්තකාලයක් ආරම්භ කරන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. වසර 100ක් ගතවන මෙම පාසලේ ඉතිහාසයේ පළමු වතාවටයි පුස්තකාලයක් ආරම්භ වන්නේ. මෙම පුස්තකාලය දරුවන්ගේ පරිහරණයට විතරක් නෙමෙයි මෙම ප්‍රදේශයේ වැඩිහිටි ජනතාවටත් ප්‍රයෝජනවත් වෙනු ඇති. නෙත් එෆ් එම් රේඩියෝවත් මෙම කටයුත්ත සමග එකතු වී සිටීම වඩාත් අගය කළ යුතුයි." යනුවෙනි.

මෙම පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දීම සිදු කෙරුණේ නෙත් එෆ්. එම්. රේඩියෝවේ මෙහෙයවීමෙන්. නව පුස්තකාලය විවෘත කිරීමට සමගාමීව ප‍්‍රදේශයේ ගොවීන්ට උදලූ සහ උඩුදුම්බර කිවුල්ගම ප‍්‍රාථමික විද්‍යාලයේ තෝරා ගත් සිසුන් පිරිසකට ශිෂ්‍යාධාර ද පිරිනැමීමට නියමිතයි.