ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (03) දිනයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පැමිණීමට නියමිතයි. ඒ, අබුඩාබිහි රජු වන ශෙයික් මොහොමඞ් බින් ශයිඞ්ගේ ඉල්ලීමකට අනුවයි.
පාප් වහන්සේගේ සහභාගීත්වයෙන් ලබන අගහරුවාදා විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වීමට නියමිතයි. ඒ සදහා පුද්ගලයින් එක් ලක්ෂ 20,000ක් පමණ සහභාගී වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. විදෙස් වාර්තාවලට අනුව එක්සත් අරාබි එමිර් රාජ්‍ය තුළ කතෝලික බැතිමතුන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වනවා.