Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාව සහ අමෙරිකාව අතර මතභේද

තරංග රුක්ෂාන් ජයසේකර




ඉන්දියාව සහ අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. ඒ, ඉන්දීය සිසුන් 129 දෙනෙකු අමෙරිකාව විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟයි. 

මෙම සිසුන් මිචිගන් ප‍්‍රාන්තයේ ෆාර්මින්ටන් නමැති විශ්ව විද්‍යාලයකට ඇතුළු වී ඇති අතර පසුව අනාවරණ වී ඇත්තේ එය සංක‍්‍රමණික සිසුන් අනාවරණ කර ගැනීම සඳහා අමෙරිකානු බලධාරීන් ව්‍යාජව ස්ථාපිත කළ විශ්ව විද්‍යාලයක් බවයි. කෙසේවෙතත් මෙලෙස සිසුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නවදිල්ලියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ද නිල වශයෙන් සිය විරෝධය පළ කර තිබෙනවා. ඉන්දියාව පවසන්නේ ව්‍යාජ සරසවියක් ස්ථාපිත කර අමෙරිකාව සිදුකර ඇත්තේ සිසුන් නොමඟ යැවීමක් බවයි. අදාළ සිසුන්ට නීතිමය සහය ලබාදිය යුතු බවත් ඔවුන්ගේ කැමැත්තකින් තොරව අමෙරිකාවෙන් පිටුවහල් නොකළ යුතු බවත් ඉන්දියාව පවසනවා. 

2015 වසරේ අමෙරිකාව අදාළ විශ්ව විද්‍යාලය ස්ථාපිත කර තිබුණේ අධ්‍යාපන වීසා මත සිය රටට පැමිණ පදිංචි වීමේ අරමුණින් කටයුතු කරන පිරිස් සොයාගැනීම ස`දහායි. මෙවර සිසුන් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 129 දෙනෙකුම ඉන්දීය ජාතිකයින් වීම විශේෂත්වයක්.