Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වැළඳගනී (UPDATE)

කසුන් කැළුම්/තරංග රුක්ෂාන්




වසර 02කට පසු පළමු වරට ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලි ජයග‍්‍රහණයක් ලැබීමට ඕස්ටේ‍්‍රලියාව අද (04) සමත් වුණා. ඒ, ශ‍්‍රී ලංකාවට එරෙහි තරගාවලිය 2ට බිංදුවක් ලෙස ජය ගනිමින්.

2017 වසරේ පැවති අලූබදුන තරගාවලිය ජය ගැනීමෙන් පසු පැවති දකුණු අප‍්‍රිකා, පාකිස්තාන සහ ඉන්දීයාවට එරෙහි තරගාවලි ජය ගැනීමට  ඕස්ටේ‍්‍රලියාවට හැකියාව ලැබුණේ නැහැ. 

අද අවසන් වූ ශ‍්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය ඕස්ටේ‍්‍රලියාව ජයගත්තේ ලකුණු 366කින්. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියාව සිය පළමු ඉණිම අත්හිටවූයේ ලකුණු 534කටයි.

ශ‍්‍රී ලංකාවේ සියලූ දෙනා පළමු ඉණිමේදී ලකුණු 215කට දැවී ගියා.  ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 03කට ලකුණු 196ක් රැස්කර ගෙන සිටියදී සිය ඉණිම අත්හිටවූ අතර ඒ අනුව ශ‍්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 516ක්.

එහෙත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සියලූ දෙනා තරගය නිම වීමට තවත් දිනක් ඉතිරිව තිබියදී අද ලකුණු 149කට දැවී ගියා. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් රැස් කළා. 

අවසන් තරගයේ කඩුලූ 10ක් බිඳ හෙළු මිචෙල් ස්ටක් තරගයේ වීරයා ලෙසත්, තරග 02දී කඩුලූ 14ක් බිඳ හෙළු පැට් කමින්ස් තරගාවලියේ වීරයා ලෙසත් නම් කෙරුණා. 

-----------------------------------

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය අභියසට

(04-02-2019 09:11)

 

ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකාව පරාජය අභියසට පැමිණ තිබෙනවා.

ඒ, ශ‍්‍රී ලංකා දෙවන ඉණිමේ කඩුලූ 08ක් ලකුණු 147ක් තුළ බිඳ වැටීමත් සමගයි.

ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් රැස් කළා. ලහිරු තිරිමාන්න ලකුණු 30කට දැවී ගියා. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලූ 08ක් දැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 148 ක්. 

මේ අතර දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 02ට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාවේ ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී අසංක ගුරුසිංහ, නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිිටියේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා මැතිව්ස් ක‍්‍රීඩා කිරීමට නියමිත බවයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම මාසයේදී සත්කාරක දකුණුු අප‍්‍රිකානු කණ්ඩායම සමග ටෙස්ට් තරග 02කට, එක්දින තරග 05කට සහ පන්දුවාර විස්ස තරග 3කට සහභාගි වීමට නියමිතව තිබෙනවා.