Sunday, May 5, 2024

General line - 0115112241

නිදහස් දිනය වෙනුවෙන් අපවිත‍්‍රව තිබූ කුලියාපිටිය බස් නැවතුම්පල පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයක්

දිනේෂ් උපේන්ද්‍ර - කුලියාපිටිය




බස්රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන් විසින් බුලත් කෙල ගැසීම හේතුවෙන් අපවිත‍්‍රව තිබූ කුලියාපිටිය බස් නැවතුම්පල පරිශ‍්‍රය පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයක් අද (04) පැවැත්වුණා. ඒ, 71වන නිදහස් දිනයට සමගාමීවයි.

කුලියාපිටිය නගර සභාවේ පැවැති සැමරුම් උත්සවයෙන් පසු එහි සභාපති, මන්තී‍්‍රවරුන්, නිලධාරීන් සහ සේවකයින් එක්ව මෙම ශ‍්‍රමදානය සංවිධාන කළා. ලංකාවේ දිගම බස් නැවතුම්පලවල් අතරට අයත් කුලියාපිටිය බස් නැවතුම භාවිත කරන පිරිස් සිදු කරන විවිධ කි‍්‍රයා හේතුවෙන් එය දැඩි ලෙස අපවිත‍්‍ර වී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.