Saturday, May 4, 2024

General line - 0115112241

නිදහසට එරෙහිව යාපනය සරසවියේ කලූකොඩි (PHOTOS)

මාධව කුලසූරිය




ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් යාපනය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ අද කලූ කොඩි ඔසවා තිබෙනවා. උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් නොකිරීම සහ උතුරේ ජනතාව වෙනුවෙන් රජය ලබා දුන් පොරොන්දු ඉටු නොකර රජය නිදහස් දින සැමරුමක් පැවැත්වීමට විරුද්ධ බවයි එම විශ්ව විද්‍යාලයේ සිසුන් පවසන්නේ.

උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලූ වෙනුවෙන් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා වව්නියාව, කිලිනොච්චිය සහ යාපනයේ ද අද විරෝධතා පැවැත්වුණා. ඊට අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් ද එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.