Sunday, May 5, 2024

General line - 0115112241

මාලී හිදී දිවිදුන් යුධ හමුදා රණවිරුවන් දෙදෙනාගේ සිරුරූ දිවයිනට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ / ටී.කේ.ජී.කපිල




ඉකුත් ජනවාරි මස 25 වනදා මාලී හිදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව මියගිය යුධ හමුදා නිලධාරීන් දෙදෙනාගේ සිරුරූ අද (04) සවස 3.10 ට පමණ ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපලට රැගෙන ආ බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියා.

එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවේ මෙහෙයුම් වල නිරත වෙමින් සිටියදී එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය යුධ හමුදාවේ මේජර්  H. W. D. ජයවික්‍රම සහ සැරයන් S. S. විජේකුමාර ගේ දේහයන් එක්සත් ජාතීන්ගේ ධජයන් ගෙන් ආවරණය කර මෙරටට රැගෙන ආ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරේ. 

මේ අතර මියගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් රැගෙන මාලී හි එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ අණදෙන නිලධාරී ඩෙනිස් ග්ලෙයින්පොර් ඇතුළු නිලධාරින් පිරිසක්ද මෙරටට පැමිණි බවයි හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේ.

මියගිය රණවිරුවන් දෙදෙනාගේ දේහයන් භාර ගැනීම සඳහා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත හැනා සින්ගර්, යුධ හමුදාවේ උසස් නිලධාරීන් රැසක් සහ මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුලේ ඥාතින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.

යුධ හමුදාව විසින් බාර ගනු ලැබූ හමුදා නිලධාරින් දෙදෙනාගේ දේහයන් මිගමුව රෝහලට රැගෙන යාමෙන් අනතුරුව සිදුකරනු ලබන මුලික විමර්ශනයකින් අනතුරුව දේහයන්ගේ ඉදිරි වැඩකටයුතු සිදුකොට අද රාත්‍රිය වන විට අදාළ නිවෙස් වෙත රැගෙන ගොස් බාර දීමට කටයුතු යොදා ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.