Sunday, May 5, 2024

General line - 0115112241

"මන්න රොෂාන්" අත්අඩංගුවට

චාමික බණ්ඩාර / චිරාන් ධර්මසේන




විවිධ ගනයේ අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන කාරියවසම් අතුකෝරළගේ දොන් රොහාන් ඉන්දික නොහොත් මන්න රොෂාන් අද (04) අත්අඩංගුවට ගැනුනා. ඒ හංවැල්ල පොලීසිය පහත්ගම ප‍්‍රදේශයේ කල මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හා හෙරෝයින් මිලිග‍්‍රෑම් 640 සොයාගෙන තිබෙනවා. පුද්ගලයන් පැහැරගැනීම , කප්පම් ලබා ගැනීම , අවි ආයුධ වලින් පහරදීම හා සාමාන්‍ය වැසියන් බියගැන්වීම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ. හංවැල්ල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක පාතාල කණ්ඩායම් පිළිබඳ නෙත් එෆ් එම් බැලූම්ගල අවස්ථා ගණනාවකදී කරුණු අනාවරණ කළා. 

ඉකුත් නොවැම්බර් මස හංවැල්ලේ මහපිහි කල්ලිය නමින් ප‍්‍රචාරය කෙරුණු බැලූම්ගල වැඩසටහනින් ද අනාවරණ කෙරුණේ මෙම පාතාල කල්ලි සාමාජිකයා පිළිබඳවයි. ඔහු අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට හෙට (05) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.